තවත් මාස හතරක් වැනි කෙටි කාලයක් ගතවන විට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය බඩු බාහිරාදිය ද අකුලාගෙන යාමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් වූ සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා අවධාරණය කළේ බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමේ නියත හැකියාව පවතින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි.