හැකියාවක් පවතින්නේ නම් බැසිල් රාජපක්ෂ මහතාව නැවත මෙරටට කැඳවාගෙන එන ලෙස නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෑතකාලීන අධිකරණ තීන්දු හා ක්‍රියාමාර්ග හේතුවෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් කෙරෙහි එල්ල වී ඇති පීඩනය තීව්‍ර වී ඇති බවයි.
පොදු උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, රාජපක්ෂවරුන්ට එරෙහිව කෙතරම් චෝදනා එල්ල වුවද ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගත නොහැකි බවට අතීතයේදී දැඩි මතයක් සමාජගත කර තිබූ බවයි.
නමුත් පසුගියදා නිකුත් වූ අධිකරණ නියෝගයක් පිළිබඳව සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, මේ වන විට නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතින බවත්, “දූෂිත පාලනයට” එරෙහිව මෙරට ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දැනටමත් සිය තීන්දුව ලබා දී අවසන් බවත්ය.
එමෙන්ම ඉදිරි කාලසීමාව තුළදී දූෂණ චෝදනාවලට ලක්ව ඇති සියලුම පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.