පිළිකා රෝග මුල් අවධියේදි හදුනාගන්නා අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක් අනුරාධපුර රෝහලට ලබා දෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 153ක් වටිනා අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දීම සිදු කෙරිණි.

පියයුරු පිළිකා ඇතුළු පියයුරු ආශ්‍රිත අසාමාන්‍යතා ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා මෙම උපකරණය පිටුවහල් වේ. මෙමගින් පරීක්ෂණ ධාරිතාව ඉහළ නංවා, රෝග විනිශ්චය වාර්තා කෙටි කාලයක් තුළ ලබා දීමටත්, ප්‍රතිකාර ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් හැකියාව ලැබේ. රජයේ රෝහල්වල පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, කොළඹ, කරාපිටිය, මහනුවර, අනුරාධපුර සහ අපේක්ෂා රෝහල යන ප්‍රධාන රෝහල් වෙත රුපියල් මිලියන 765ක් වටිනා මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් ලබා දීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරිණි.

මෙම නවීන යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ උතුරු මැද පළාතේ මෙන්ම වව්නියාව, කුරුණෑගල සහ අවට ප්‍රදේශවල ජනතාවටද සිය රෝග විනිශ්චය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබූ මෙම වැඩපිළිවෙළ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *