මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට විශේෂ ඒකකයක් – අධ්‍යක්ෂ ධුරය ASP රොහාන් ඕලුගලට

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

නව ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා පත් කිරීමට නියමිත බව සඳහන් වේ. මෙම ඒකකය පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) එක්ව ක්‍රියාත්මක වනු ඇත.

මෙම විශේෂ ඒකකය පිහිටුවීමේ අරමුණ වන්නේ රට තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා වඩාත් කාර්යක්ෂම සහ සම්බන්ධීකරණය වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *