හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ප්‍රමාණවත් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මගින් පෙන්වා දී ඇත.
මෙම පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප්, ආරක්ෂක භටයන්, නිල නිවාස සහ වෙනත් වරප්‍රසාද සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත.