කුඩු ජාවාරම්කරුවන්ගේ මිලියන 3546 ක දේපළ රාජසන්තක කරයි

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු මිලියන 3546 ක දේපළ මේ වනවිට රාජසන්තක කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ඉදිරියේදී නීතියට කොටුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ අනුව මෙම මුදල මීටත් වඩා වැඩිවීමට ඉඩ තිබෙන බවයි.

දැනට විදේශගතව සිටින රතු වරෙන්තුකරුවන් 95 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සමග කටයුතු කරගෙන යන බව ද පොලිසිය කියයි.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ශිරාන් බාසික් සතු දේපළ පොලිසිය තවදුරටත් තක්සේරු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *