ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබූ නව අධිවේගී මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ප්‍රවාහන, අධිවේගී මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ.
“අපිට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබුණා අලුත් අධිවේගී මාර්ගයක් හදන්න, කටුනායක ඉඳලා හලාවතට. එතකොට අපි තවත් අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය කේන්ද්‍ර කරගත්තු අධිවේගී මාර්ග පද්ධතියක් ගැන,” යැයි ඔහු පවසා තිබේ.
“අපි ඒවා කරන්නේ රටේ ජනතාවගේ සල්ලිවලින්. අපිට විශ්වාසයි අන්තර්ජාතික සහයෝගයත්, මේ රටේ ජනතාවගේ තිබෙන යෝධ ශක්තියත් මත පදනම්වෙලා අපිට මේ රට ඉතාම ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්,” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.