දුෂණ විරෝධී පනතට හදුන්වා දීමට නියමිත නව සංශෝධනය හරහා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට විශේෂ බලයක් ලබා දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව, යම් අල්ලස් නඩුවක සැකකරුවෙකු, තමන් දන්නා සියළු කරුණු හෙළි කිරීමට සූදානම් වන්නේ නම්, ඔහුට එරෙහිව චෝදනා ගොනු නොකිරීමට හෝ නඩු නොපවරා සිටීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය හිමි වේ.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පසුගිය ගැසට් කරන ලදී.
නව සංශෝධනයට අනුව, දූෂණයක ප්‍රතිඵලයක් ලෙස අත්පත් කරගත් හෝ වෙනත් ස්වරූපයකට හරවන ලද දේපළක වටිනාකම අය කර ගැනීමටත්, දූෂණයක ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයෙකු ලබාගත් යම් ප්‍රදානයක්, පත්වීමක්, ප්‍රතිලාභයක් හෝ වාසියක් වේ නම්, අදාල පුද්ගලයා ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමේ දිනයේ සිට නීතිවිරෝධී බවට පත් කිරීමට යෝජනා කර තිබේ.