නීති විරෝධී ලෙස වාහන පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණය විසින් අද (සැප්තැම්බර් 17) ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.
අගෝස්තු මස 14 වන දින අලුයම ලීසිං වාරික ගෙවා ගැනීමට අපහසු වීම නිසා සීසර්ලා විසින් පැහැරගත් වාහනයක් සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. අදාළ වාහනය පැහැර ගැනීම සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලීසියට පැමිණිලි කළද, පොලිස් ස්ථානාධිපතිවරයා එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, මූල්‍ය ආයතනවලට මෙලෙස නීති විරෝධී ලෙස වාහන පැහැර ගැනීමට නොහැකි බවයි. ඒ අනුව, පැහැරගත් වාහනය නැවත එහි නීත්‍යානුකූල හිමිකරුටම භාර දෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.
මෙම තීන්දුව මගින් මූල්‍ය ආයතන විසින් ලීසිං වාරික ප්‍රමාද වූ විට නීති විරෝධී ලෙස වාහන පැහැර ගැනීම වැළැක්වීමට මූලික පියවරක් ගෙන තිබේ.