ඊළග නඩු දිනයේදී යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන් – නිතීපති මහාධිකරණයට දැනුම් දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඉදිරි නඩු දිනයේදී අවසන් කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනුණු අතර, එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, රුපියල් මිලියන 2ක ඇපකරයක් මත සාක්ෂිකරුවෙකු මුදා හැරීමට නියෝග කළ අතර, ඉදිරි සෑම නඩු දිනයකදීම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද එම සාක්ෂිකරුට නියෝග කර තිබේ.

ඒ අනුව, නඩුවේ වැඩිදුර විභාගය සඳහා ඉතිරි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින්, නඩුව ලබන ඔක්තෝබර් මස 2 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *