මානව සම්පත් හිගය මැද නිතීපති දෙපාර්තමේන්තුව නඩු 5400ක වැඩ අවසන් කරයි

නීතිපති දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු මානව සම්පත් හිඟයක් පැවතිය ද ඉකුත් වර්ෂයේ දී (2025) නඩුගොනු 5245 ක කටයුතු අවසන් කර.

ඇති බැව් අධිකරණ අමාත්‍යාංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව සිවිල් ශාඛාවේ අවසන් කරනු ලැබූ නඩුගොනු සංඛ්‍යාව 530කි. රජයේ නීතිඥ ශාඛාවේ නඩුගොනු 07ක, අපරාධ අංශයේ නඩුගොනු 1813ක, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුගොනු 60ක, ව්‍යාපාර ආයතන අංශයේ නඩුගොනු 474ක කටයුතු අවසන්කොට ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ළමා අපයෝජන නඩු ඒකකයේ නඩුගොනු 1326ක, මහජන පෙත්සම් ඒකකයේ නඩුගොනු 1,035ක කටයුතු අවසන් කර තිබූ බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *