රට තුළ ඇති කළු ආර්ථිකය අහෝසි කරනවා – ජනපති අනුර කියයි

බදු ගෙවන්නන්ගේ මුදල්වලින් සෑම ශතයක්ම ආරක්ෂා කර, රට තුළ ඇති කළු ආර්ථිකය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. 

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ‘ජාතික බදු සතිය’ දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

අදින් ආරම්භ කෙරෙන බදු සතිය ‘බදු ශක්ති’ නමින් නම් කර ඇති අතර, එය ජූනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *