අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව මහා­ධි­ක­ර­ණයේ නව අධි­චෝ­දනා ගොනු කිරී­මට අල්ලස් කොමිසම තීරණ​ය කරයි

හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම කොළඹ මහා­ධි­ක­ර­ණයේ නව අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු කිරී­මට තීර­ණය කර ඇතැයි අල්ලස් කොමි­සම පව­සයි.

ග්‍රීක බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රජ­යට රුපි­යල් බිලි­යන 1.84කට වඩා පාඩු­වක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩු­වෙන් කොන්දේසි සහි­තව නිද­හස් කිරී­මට හේතු වූ කොන්දේසි සපුරා නොමැ­ති­වීම මත මේ අධි­චෝ­දනා පත්‍රය ගොනු කරන බව අල්ලස් කොමි­සම සඳ­හන් කළේය.

නව නඩු­වේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට පම­ණක් අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු කිරී­මට නිය­මිත බව කී අල්ලස් කොමි­සම පෙර නඩුවේ සෙසු චුදි­ත­යන්ට අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු නොක­රන බවද කීවේය. අල්ලස් කොමි­සම විසින් පෙර පව­රන ලද නඩු­වට අදා­ළව රජ­යට සිදු වූ ඇස්ත­මේ­න්තු­ගත පාඩුව මාස තුනක කාල­යක් තුළ ආපසු ගෙවන බවට කොන්දේ­සි­යක් මත අජිත් නිවාඩ් කබ්රාල් මහතා නඩු­වෙන් නිද­හස් කර තිබුණි.

නව අධි­චෝ­දනා පත්‍රය අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම විසින් අනු­මත කර ඇති බව එහි ඉහළ නිල­ධා­රි­යෙක් දින­මි­ණට පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *