ලංගමට බස් 600 ක් ගෙනාවම අපිට පාන් ද? මේක යුරෝපය නෙවේ ලංකාව, යුරෝපයේ වැසිකිළි හෝදන අය ඇවිල්ලා මෙහේ කමෙන්ට් දානවා – බස් ගැමුණු

ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 600 ක් නොව බස් 6000 ක් ගෙන ඒමට කටයුතු කළ ද, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයට කිසිදු ගැටලුවක් නොමැති බව එහි සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ලංගමය මේ වන විටත් පාඩු ලබමින් ඇති බවත්, එලෙස තිබිය දී මේ ආකාරයෙන් නව බස් රථ ගෙන්වීම ජාතික අපරාධයක් වන බවත්, මේ තුළින් පෞද්ගලික බස් රථ කර්මාන්තය ද කඩා වැටෙන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ.

පොදු ප්‍රවාහන සේවයේ ගැටලු රැසක් තිබිය දී, මෙසේ අලුතෙන් බස් ගෙන්වීම හුදෙක් ‘චිත්‍රපටයක් පෙන්වනවා’ වැනි කටයුත්තක් බව ද, මෙම අලුත් බස්වල යන විට ජනතාවට ද ‘යම් ප්‍රමෝදයක්’ ඇති වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ලංකාව යනු යුරෝපය නොවන බවත්, යුරෝප‍යේ බස් රථ ධාවනය කරන ආකාරයට මෙරට දී එය සිදුකළ නොහැකි බවත්, යුරෝපයේ ‘වැසිකිළි පිරිසිදු කරන’ අය ද මෙරට බස් රථ කර්මාන්තය ගැන සමාජ මාධ්‍යයේ අදහස් පළ කිරීමට කටයුතු කරන බවයි සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *