දිවි නොතකා රියදුරු බස් රථය කන්දේ වද්දයි – මහා විනාශයක් වැලකෙයි

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයේ අසළ ඇති කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (04) අලුයම බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වූ බස් රථය අධික වංගු සහ ප්‍රපාතයක් ආසන්නයේ දී එක් වරම තිරිංග අක්‍රීය වී ඇත.

අනතුරුව සිදුවන්නට ගිය විශාල අනතුර ගැන වටහාගත් බස් රථයේ රියදුරු, බස් රථය කන්දේ හැපීමට සලසවා තිබෙනවා.

එසේ සිදු නොකලානම් බස් රථය අධික ප්‍රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *