අපේ බස් සංස්කෘතියට අත තියලා අත පුච්චා ගන්න එපා – බස් ගැමුණු ආණ්ඩුවට අනතුරු හගවයි

පෞද්ගලික බස් රථ සංස්කෘතිය රටින් ඉවත් කිරීමට උත්සාහ දැරීම ගින්දරත් සමග සෙල්ලම් කිරීමක් යැයි, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න පවසයි.

ඔහු පවසන්නේ, වත්මන් රජය පෞද්ගලික බස් රථ හිමියන් සමග වෛරයකින් පසුවන බවයි.

ඔහුගේ අනෙක් චෝදනාව වී ඇත්තේ, රජය ක්‍රමයෙන් පෞද්ගලික බස් කර්මාන්තය ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

රජය ප්‍රවාහන සේවය පවත්වාගෙන යාම සදහා කිසිදු සහනයක් ලබා නොදී, නව නීති හා රෙගු-ලාසි පනවමින් සිටින බව පවසන ගැමුණු විජේරත්න, මේ තත්ත්වය මත වැඩවර්ජනයක් මතු- වීම නොවැළැක්විය හැකි බවටද අනතුරු හගවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *