පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බවයි.
ඔහු මෙසේ පැවසුවේ බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීයි.