බේරේ වැව පිරිසිදු කිරීමේ පළමු අදියර සදහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දීමට, මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන නහීල් විජේසූරිය මහතා පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
මුහුදු ජලය භාවිතා කරමින් වැව පිරිසිදු කිරීම, බේරේ වැව පිරිසිදු කිරීමේ පළමු අදියරට අයත් ය.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් බේරේ වැව පිරිසිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී ව්‍යාපාරික නහීල් විජේසූරිය මහතා පළමු අදියරේ කටයුතු සදහා තමන් සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දෙන බව පවසා තිබේ.