දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, කහතුඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත පද්ධති අන්තර් හුවමාරුවද ඇතුළත් කරමින් කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන මාර්ග කොටස ඉදිකිරීමට නියමිතයි.
මෙම අදියර සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වසර තුළ අවසන් කර සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා 2026 වසරේ අනුමත ප්‍රතිපාදන යටතේ දේශීය අරමුදල් භාවිත කරමින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට නියමිතයි.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.