ඇප මත මුදා හැරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ ඇප කොන්දේසි සපුරාගත නොහැකිව අද (28) යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නොහොත් නඳුන් චින්තක වික්රමරත්නට පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.
මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 1ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය නියෝග කළා.
නමුත්, නියම කළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් චරිත අබේසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.