මහනුවරට,ගාල්ලට,යාපනයට මෙට්‍රෝ බස් දාන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

නාගරික ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සුඛෝපභෝගී පාදclass පහත් (Low-floor) බස් රථ 100ක් මිලදී ගැනීමට අදාළ සැපයුම්කරු විසින් එවනු ලැබූ බස් රථ මාදිලිය මේ වන විට මෙරටට ආනයනය කර ඇත.

එම මාදිලිය ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක ව්‍යාපාරයට සෘජුවම උපකාරී වීම මෙන්ම පොදු මහජනතාවගේ අවශ්‍යතාවන් සලකා බලමින්, නාගරික ප්‍රවාහන සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, පළමු අදියර ලෙස බස්නාහිර, ගාල්ල සහ මහනුවර නගරවල මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට පවතින බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, 2026.03.06 දින බස් රථ 100ක් මිලදී ගැනීමට සීමිත ලංසු කැඳවන ලද කොන්දේසිවලට යටත්ව, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනුමත 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුඛෝපභෝගී පාදclass පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *