ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන්, වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකයන් 62ක් නිදොස් කොට නිදහස් කර ඔවුන් කලින් සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඔවුන්ට මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාවද ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණා.
බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එම සායකයන් හමුවේ ඔවුන්ට නිදහස් කිරීමේ ලිපි ලබා දී තිබෙනවා.