හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.