පොහොර වංචාවක් ගැන චාමර සම්පත්ගෙන් නිතීවීරෝධි වත්කම් විමර්ෂණය කොට්ඨාසය ප්‍රකාශයක් ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් එම කොට්ඨාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *