සමගි ජන බලවේගයෙන් කවුරුන් ඉවත් වුවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂය හැරදා නොයන බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා තනියම හෝ පක්ෂයේ සිටිනා බවයි ඔහු කියන්නේ.
තලතා අතුකෝරල වැනි ‘හම්පඩ නායකයන්ට’ සිරිකොතටම වී සිටිය හැකි යයි පවසා ඇති හිටපු මන්ත්‍රීවරයා ඇය මන්ත්‍රී ධුරයෙන් හා පක්ෂයෙන් ඉවත් යාම පිළිබඳව සතුටු වන බවද කියා තිබෙනවා.
තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් සමගි ජන බලවේගය සාමාජිකත්වයත් අත්හැර යාම යාමෙන් පසු සජබ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍ය වෙත මේ බව පවසා තියෙනවා.