උඩුකය නිරුවත්ව තෝසේ සකස් කරන ලදැයි චෝදනා යටතේ කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ තෝසේ ආහාර වෙළෙඳසලකට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (21 වැනිදා) පවරන ලදී.
‘‘ගමේ කඩේ,,’ තෝසේ කඩේ’’ ඇතුළු විවිධ නම්වලින් හඳුන්වන ආහාර වෙළෙඳසල් කිහිපයකට එරෙහිව තවත් නඩු කීපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එල්. එම්. චන්ද්‍රසේන විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. අහිතකර තත්ත්වයෙන් ආහාර නිෂ්පාදනය කිරීම, අපිරිසුදු ආකාරයෙන් ආහාර ගබඩා කිරීම, කෘමි සතුන් ගහනය වන ආහාර අලෙවි කිරීම, අපිරිසුදු තත්ත්වයේ පවතින උපකරණ මගින් ආහාර නිෂ්පාදනය කිරීම, අපද්‍රව්‍ය කානු මාර්ගවලට ගලා යෑම වැළැක්වීම, කසළ බඳුන් විවෘතව තැබීම ආදී චෝදනා රැසක් යටතේ රාජගිරිය හා ඒ ආසන්නයේ පිහිටි ආහාර වෙළෙඳසල් 06 කට එරෙහිව එලෙස නඩු පවරා තිබිණි.