අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා බරපතළ ගණයේ හෘද රෝගියෙකු බව ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ චරිත් අබේසිංහ මහතාගේ හෘදයාබාධ තත්ත්වය වෙනුවෙන් මේ වන විටත් සිරුර තුළට ස්ටෙන්ට් (Stents) 3 ක් බද්ධ කර ඇති බවයි. එමෙන්ම, ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී තවත් ස්ටෙන්ට් 5 ක් බද්ධ කළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, වයස අවුරුදු 60 ක පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට වැළඳිය හැකි සියලුම ආකාරයේ රෝගාබාධයන්ට ඔහු අවාසනාවන්ත ලෙස මේ වන විට මුහුණ දී සිටින බව ද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.