දරු­වන්ගේ භාවි­ත­යට ගන්නා ප්ලාස්ටික් නිෂ්පා­ද­න­ව­ලට ප්‍රමිති සහ­ති­කය අනි­වාර්ය කිරී­මට නව නිතී එයි

නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්,ළඳරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසු­රුම් සඳහා එස්.එල්.එස් ප්‍රමිති සහ­ති­කය අනි­වාර්ය කිරීම කෙරෙහි පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ අව­ධා­නය යොමු කර තිබේ. කුඩා දරු­වන්ගේ භාවි­ත­යට වැඩි වශ­යෙන් භාවිතා වන මෙවැනි ප්ලාස්ටික් නිෂ්පා­දන හේතු­වෙන් දරු­වන් විවිධ රෝග­ව­ලට ගොදුරු විය හැකි බව වෛද්‍ය මත­යයි.මෙවැනි ප්ලාස්ටික් නිෂ්පා­දන සඳහා ප්‍රමි­ති­යක් නියම කර,ප්‍රමිති සහ­ති­කය අනි­වාර්ය කිරීම අනා­ගත ළමා පර­පුර වෙනු­වෙන් කළ හැකි වැද­ගත් කාර්යක් බව ද අධි­කා­රිය පෙන්වා දෙයි.

ඒ අනුව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර කුඩා දරු­වන්ගේ භාවි­ත­යට ගැනෙන ප්ලාස්ටික් නිෂ්පා­ද­න­ව­ලට අදා­ළව ප්‍රමි­ති­යක් නියම කිරී­ම­ටත්, ප්‍රමිති සහ­ති­කය අනි­වාර්ය කිරී­මට අදා­ළව ඉදි­රි­යේදි නීති සකස් කරන බව ද අධි­කා­රිය සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *