ක්ලීන් ශ‍්‍රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ – චාමර සම්පත් කියෙව්වේ quotation එකක් බව හෙළි වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම උත්සවයේ ගෙවීම් ලෙස අනුමත වී තිබුණේ රුපියල් ලක්ෂණ නවයක් පමණක් බවත් එයද තවමත් ගෙවා නොමැති බවත් හෙතෙම අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද්දේ එම උත්සවයට අදාළ මිල ගණන් කැඳවීමේ ලේඛනයක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒවායේ ඉහළ මිල ගණන් නිසා ඒවා රජය විසින් ලබා නොගත් බවත් පැවසූ ජයතිස්ස මහතා එම උත්සවය සඳහා රුපියල් ලක්ෂණ නවයකට වඩා රජය සතයක්වත් වියදම් කර නැති බවද තවදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *