සිය සහෝදරයා සිදු කරන වංචා සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් පැමිණිලි කළ බව කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානයක්කාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
“මුලින්ම නම් කරලා මුලින්ම මාධ්‍යයට කිව්වේ අපි. මාධ්‍යයේ දැම්මා. සමාජ මාධ්‍යයේ තියෙනවා. මිනිසුන්ට අහුවෙන්න එපා. ඒවා නීති විරෝධී වැඩ කියලා කිව්වෙත්, පළවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. එක පවුලේ ඉන්නවා විවිධ අය. ඒ වගේම ඒ වගේ පුද්ගලයෝ කරන වැඩවලට අනිත් අය හිරේ යන්න ඔනේ නැහැනේ. මේ පිළිබඳව ආරංචි වෙනකට අපි අතර තිබුණ සම්බන්ධතා අයින් කරලා පැමිණිලි කරලා නීතිමය කටයුතු සියල්ල කරලා තියෙනවා”යෑයි හිටපු අමාත්‍යවරයා කියා සිටියා.