ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් දිගරොල්ල පාලම සම්පූර්ණ සුද්ද කරයි

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම  අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමෙන් මහජන සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගෙන සුද්ද පවිත්‍ර කිරීම සිදුකෙරිණි

පුරා පැය තුනහ මාරකට අධික කාලයක් පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් , පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන්කර ඒවා ට්‍රැක්ටර් තුනක බහා එම කසල තොගය භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයකුට අයත් භූමියකට බැහැර කිරීමට කටයුතු කෙරිණි

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *