ජනපතිගේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රි ලංකා ජනවාරි 01 වනදා ඇරඹෙයි

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලබන ජනවාරි 01දා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

උත්සව ශ්‍රීයෙන් විදෙස් තානාපතිවරුන් ඇතුළු විශේෂිත පිරිසකගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වැඩසටහන ආරම්භ කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් ද මේ වනවිට නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *