පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ පොහොට්ටුවෙන් බිදී ගිය පාර්ශ්ව රැසක් නැවත පොහොට්ටු පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එහි පළමු පියවර ලෙස, රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සදහා පොහොට්ටු පක්ෂයෙන් බිදී ගිය පිරිස් එක්ව, අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවා ගනු ලැබූ පොදු ජන එක්සත් පෙරමුණ නමැති සන්ධානය, එළැඹෙන පලාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂය හා එක්ව තරග වැදීමට නියමිත බව පැවසේ.
පොදු ජන එක්සත් පෙරමුණ, නිමල් සිරිපාලද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනුර ප්‍රියදර්ශනයාපාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය හා එක්ව 2024 අගෝස්තු මාසයේ බිහිකරගත් සන්ධානයකි.
එම සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ අතර, මහමැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණෙන් මැතිවරණය සදහා ඉදිරිපත් විය.
නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාෆා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර ඇතුළු රැසක් පොදු ජන එක්සත් පෙරමුණ සමග එක්ව සිටිති.