බන්ධනාගාර නිලධාරියෙකු බන්ධනාගාර කවුළුවකින් අවියක් භාවිතා කර වෙඩි තැබීමේ සිද්ධියක් තමන් දුටු බව පවසන ‘ජන අරගල පුරවැසියෝ’ සංවිධානය, එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, බන්ධනාගාරය තුළ මියගිය සියලු පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් වන්දි ලබා දිය යුතු බවද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.