ගාල්ල මහමෝදර නව බන්ධනාගාරයක් පිහිටුවීමට අධිකරණ ඇමති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබේ.

(54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය ප්‍රකාශයට පත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව, “මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබේ.

gaz L Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *