සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.
අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියට බරපතල අගතියක් එමගින් සිදුවක බව නිරීක්ෂණය වන බව කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
“ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්” යනුවෙන් වූ අදාළ ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳිය ද සහිතව අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් හරහා ලිඛිතව එම පැමිණිල්ල කර තිබේ.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙමගින් වින්දිත දැරියට අගතියක් වී ඇතැයි ද එහි සඳහන්වේ.
තවද බාල වයස්කාර දැරියකට අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතළ වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් කරන්නැයි ඇමැතිවරිය ඉල්ලා තිබේ.