රට පුරා ග්‍රාමීය පාලම් 800 ක් ඉදිකිරීම් අද ඇරඹෙයි

“පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් දෛනික ගමනාගමනයේ දී මුහුණ පාන දුෂ්කරතා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල දී ඇති බාධාවන් හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විශේෂ ව්‍යාපෘතියක් අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාලම් 881 ක් තෝරා ගන්නා ලද අතර, ඒ වෙනුවෙන් මෙම 2026 වසර සඳහා වූ අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050 ක වියදමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙන අතර, එම පාලම්වල ඉදිකිරීම් ආරම්භ කිරීම අද (14) දිවයින පුරා අදාළ ස්ථානවලදී සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *