මධ්‍යම අධිවේගයේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරිම හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මෙරට ප්‍රධාන කලාප අතර ගම­නා­ග­මන කට­යුතු වේග­වත් කර­මින් ධාවන කාලය අඩු කිරීමේ අර­මු­ණෙන් ක්‍රියා­ත්මක වෙන අධි­වේගී මාර්ග ව්‍යාපෘ­තියේ ප්‍රධාන ස්ථාන­යක් ගනු ලබන මධ්‍යම අධි­වේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදි­යරේ ඉදි­කි­රීම් කට­යුතු හෙට (29) ආරම්භ කෙරේ.

මේ යටතේ රඹු­ක්කන සිට ගල­ගෙ­දර දක්වා දිවෙන මාර්ග කොටසේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ වන අතර එහි නිල උත්ස­වය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගල­ගෙ­දර මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පස්වරු 4.00ට පැවැත්වේ. මධ්‍යම අධි­වේ­ගයේ තෙවැනි අදි­යර සඳහා දේශීය අර­මු­දල් මඟින් 2026 අය-වැයෙන් රුපි­යල් මිලි­යන 20,000ක් වෙන් කර තිබේ. දේශීය කොන්ත්‍රා­ත්ක­රු­වන් මඟින් පැකේජ 7ක් යටතේ ක්‍රියා­ත්මක වන මෙම සම්පූර්ණ ව්‍යාපෘ­තිය සඳහා රජය විසින් රුපි­යල් බිලි­යන 112ක අස්ත­මේ­න්තු­ගත මුද­ල­කට කැබි­නට් අනු­මැ­තිය ලබාදී තිබේ.

රඹු­ක්කන සිට ගල­ගෙ­දර දක්වා සමස්ත දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර් 19ක් වේ. මෙම කොටස දේශීය කොන්ත්‍රා­ත්ක­රු­වන් යටතේ පැකේජ කිහි­ප­ය­කට බෙදා දැනට වේග­යෙන් ඉදි­වෙ­මින් පවතී. 2027 මාර්තු මස අව­සන් වන විට මෙහි කාපට් ඇති­රීමේ වැඩ නිම කර විවෘත කිරී­මට අපේක්ෂා කෙරේ. මධ්‍යම අධි­වේගී මාර්ග ව්‍යාපෘ­තිය ප්‍රධාන අදි­යර 4ක් යටතේ ක්‍රියා­ත්මක අතර දැනට මිරි­ගම සිට කුරු­ණෑ­ගල දක්වා කොටස සම්පූ­ර්ණ­යෙන් මහ­ජ­න­තා­වට විවෘත කර ඇත.

මීරි­ගම සිට කුරු­ණෑ­ගල දක්වා වූ මෙම කොට­සෙහි නක­ල­ග­මුව, දඹොක්ක, කුරු­ණෑ­ගල සහ යග්ග­පි­ටිය යන ස්ථාන­වල අන්තර් හුව­මාරු පවතී. එමෙන්ම කඩ­වත සිට මීරි­ගම දක්වා කොටස මේ වන විට ඉදි­කි­රීම් සිදු වේ. දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර 37.1කි. චීන එක්සිම් බැංකු (EXIM Bank of China) අර­මු­දල් මත ක්‍රියා­ත්මක වන මෙම කොටසේ වැඩ­ක­ට­යුතු චීන ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ප්‍රශ්න හේතු­වෙන් මඳක් ප්‍රමාද විය. මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට (RDA) අනුව මෙය 2028 වසර අව­සන් වන විට නිම කර විවෘත කිරී­මට සැල­සුම් කර ඇත. මේ මාර්ගයේ හතර වැනි අදි­යර යටතේ කුරු­ණෑ­ගල සිට දඹුල්ල දක්වා ඉදි­වන අතර සමස්ත දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර 60.3කි. මේ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර­ගැ­නීමේ කට­යුතු (Land Acquisition) දැනට 73%කට වඩා අව­සන් කර ඇත. ඉදිරි ඉදි­කි­රීම් කට­යුතු කඩි­නම් කිරීම සඳහා ද කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ. මධ්‍යම අධි­වේගී මාර්ග­යෙන් දැනට ගමන් කළ හැකි වන්නේ මීරි­ගම සිට කුරු­ණෑ­ගල (යග්ග­පි­ටිය) දක්වා පමණි. කඩ­වත සිට මීරි­ගම කොටස නිම වූ පසු කොළඹ සිට කුරු­ණෑ­ගල දක්වාත්, පොතු­හැර-රඹු­ක්කන-ගල­ගෙ­දර කොටස් නිම වූ පසු මහ­නු­වර (ගල­ගෙ­දර) දක්වාත් අධි­වේගී මාර්ග­යෙන් ගමන් කිරීමේ හැකි­යාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘ­තිය 2000 වස­රේදී සැල­සුම් කෙරුණු අතර පසුව පරි­සර ගැටලු සහ ගමන් මඟෙහි වෙන­ස්කම් හේතු­වෙන් කිහි­ප­ව­ර­යක්ම සංශෝ­ධ­නය විය. පසුව මධ්‍යම අධි­වේගී මාර්ගය ලෙස නිල වශ­යෙන් 2015න් පසු ව්‍යාපෘ­තිය නැවත ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *