ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියංසේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද දින ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) ලබාගැනීමේ චෝදනාවට වැරදිකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට පනවා තිබූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම මහාධිකරණය විසින් ස්ථිර කරනු ලැබීය.
අදාළ සිරදඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා, මෙම මහාධිකරණ තීන්දුව වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස උසාවි ලේඛකාධිකාරීවරයාට නියෝග කෙරුණි.