වුල්හැම්ප්ටන් සංචාරයට රජයේ මුදල් භාවිත කිරිමට රනිල්ට එරෙහිව සාක්ෂි ඇතැයි අධිකරණය කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්තයේ වුල්හැම්ප්ටන් සංචාරය සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව සාක්ෂි පවතින බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම ප්‍රමාද වන්නේ ඇයිදැයි නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවයි.

2023 වසරේදී පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයේ වුල්හැම්ප්ටන් නගරයට ගිය හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය මුදල් වැය කළ බවට චෝදනා එල්ල වී තිබේ. 

සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළ අතර, අධිචෝදනා ගොනු කිරීමේ ප්‍රමාදයට හේතු වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

Screenshot 2026 04 29 at 3.15.38 PM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *