ආරක්ෂක ලේකම් සහ යුධ හමුදාපති මහර බන්ධනාගාරයට – යුධ හමුදා විශේෂ බලකායත් කැදවයි

මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් චීෆ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හදිසියේම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබේ.

එහිදී බන්ධනාගාරයේ වර්තමාන ආරක්ෂක වැඩපිළිවෙල සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උසස් බන්ධනාගාර සහ ආරක්ෂක නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඇතුළු අතිරේක ආරක්ෂක අංශ යොදවා ඇති අතර, තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *