පාතාල නායක දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි

නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිඳ, සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

වසර 10ක කාලයක් තුළ නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු වල සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *