ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි.
ඇය පවසන්නේ, ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබා දී ඇති බවයි.
එය කිසිසේත්ම සංචාරක තහනමක් පැනවීමක් නොවන බව බව පවසන ඇමරිකානු තානාපතිනිය, ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද අවධාරණය කරයි. ඇය පවසන ආකාරයට, මාලදිවයින, ඉතාලිය හා ප්‍රංශය ද ලංකාවට පනවා ඇති සංචාරක උපදේශන පනවා ඇති රටවල් ය.