මාතරට ලක්ෂ ගණනක ජනතාවක් පැමිණීම නිසා මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙක් ප්‍රදේශවලට ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ(23) රාත්‍රියේ G.L. පීරිස් මහතාගේ නිවසේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්.
උපුටා ගැනීම,
‘ලංකාවේ දැන් මේ ඩෙංගු සම්බන්ධව මේ ආණ්ඩුව නැවතත් අර දිට්ඨ සුළි කුණාටුව වගේම ඇනගෙන තියෙන තත්ත්වයක් තියෙන්නේ.
අද වෙනකොට හතලිස් දහස, පනස් දහස දක්වා වැඩිවෙලා තියෙනවා. හැම ගමකම දැන් නැවත ඩෙංගු රෝගීන් වැඩිවෙලා තියෙනවා.
විශාල ප්‍රමාණයක් මියගිහිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නෙ ආණ්ඩුවට ඒකත් පාලනය කරගන්න බැරි තැනකට තමයි තල්ලු වෙලා තියෙන්නෙ.
අද කොළඹ නගරය කියන්නෙ එහෙන් පිටින්ම ජරා ගොඩක් බවට පත්වෙලා තියෙන්නෙ. කොළඹ නගරාධිපතිනිය මං දන්නෙ නැහැ මොනවා කරනවද කියලා, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා ගහලා තියෙනවා, හැම තැනකම කුණු පිරිච්ච නගරයක් තමයි අපිට දකින්න තියෙන්නෙ.
කිසිම පිරිසිදුකමක් නැති නගරයක් බවට දැන් මේක පත්වෙලා තියෙන්නෙ.
මාතර විශාල සෙනඟක් ආවා මං හිතන්නෙ ලක්ෂ ගණනක්. එතනින් පස්සෙ තමයි මුළු මාතර දිස්ත්‍රික්කය විතරක් නෙමෙයි අනෙක් ප්‍රදේශවලටත් ඩෙංගු රෝගය පැතිරුණේ.
දැන් ඒ වගේම පොසොන් කලාපයත් එක්ක පඬුවස්නුවර, එයින් පටන් ගත්තයින් පස්සෙ යාපහුව, අනුරාධපුරයට යනකලුත් මේක තියෙනවා.
මේ විදියටම ආපහු ඩෙංගු රෝගය ඒ පැත්තටත් බෝවෙයි කියන ප්‍රශ්නය තමයි දැන් අපිට තියෙන්නෙ. කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැයි කියන එක තමයි අපිට මෙතනදි කියන්න තියෙන්නෙ.’