මාස පහක් ඇතුලත මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නවතම දත්ත වාර්තා අනුව 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ මාස පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39 (ඩොලර් බිලියන 7.3 කට අධික) දක්වා ළඟා වී තිබේ. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7.56% ක වාර්ෂික වර්ධනයකි.

එම සමස්ත අපනයන ආදායම මෙලෙස බෙදී ගොස් ඇත:

  • භාණ්ඩ අපනයන ආදායම: ඇමරිකානු ඩොලර් බිලියන 5.76 (+7.63% ක වර්ධනයක්)
  • සේවා අපනයන ආදායම: ඇමරිකානු ඩොලර් බිලියන 1.63 (+7.31% ක වර්ධනයක්)

විශේෂයෙන්ම 2026 මැයි මාසය තුළ ඉහළ අපනයන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, එම මාසයේ පමණක් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,570.64 ක් දක්වා වාර්තා වී ඇත. එය වාර්ෂිකව 18.34% ක සැලකිය යුතු ඉහළ යෑමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *