ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දී මෙම කරුණු අනාවරණය වුණා. ඒ අනුව ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීම, මදුරු කීට බෝවීම මර්දනය කිරීම සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබා සහාය ලබා ගැනීමට නියමිතයි.