ලක්ෂ 61ක තක්සේරුවක් ඇති ගොඩනැඟිල්ල රු.150කට බදු දීලා විගණනයෙන් හෙළි වෙයි

ගාල්ල මහ නගර සභාව විසින් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වෙත බදු දී තිබූ ගොඩනැඟිල්ල සහිත ඉඩම 2022 වර්ෂයේ දී රුපියල් හැටඑක් ලක්ෂයක වාර්ෂික (6,100,000) බදු මුදලකට තක්සේරු කර තිබූ නමුත් 2023 වර්ෂයේදීත් එම ව්‍යාපාරික ආයතනයෙන් අය කර ඇත්තේ රුපියල් 150ක මාසික බදු මුදලක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

එම නිසා මෙකී බදු ගිවිසුම් අලුත් කිරීම කඩිනම් කළයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

ගාල්ල මහ නගර සභාව විසින් මේ පිළිබඳ විගණනයට සඳහන් කර ඇත්තේ ආණ්ඩුකාරගේ අනුමැතිය ලැබීමෙන් පසු නව තක්සේරුව අනුව 2022 වර්ෂයේ සිට බදු අය කිරීමට නියමිතව ඇති බවය.

ගාල්ල මහ නගර සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *