රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වාහනය දඩ නොගෙවා මුදාහැරීමට ඉදිරිපත් වුවද අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ මුදලක් ගෙවීමට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එකඟ වූ බව ඩේලි මිර්ර් පුවත්පත වාර්තා කරයි.
අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල මාර්ගයේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු අධික වේගයෙන් රිය පදවා හසුවීමේ දී මෙම සිද්ධිය සිදුව තිබේ.
එම අවස්ථාවේ වාහනයේ සිටි වෛද්‍ය ගුණසේන මහතා දඩය ගෙවන ලෙස බලකරමින් කියා සිටියේ සියලුම පුරවැසියන් රටේ නීතියට අවනත විය යුතු බව පවසමිනි. කෙසේවෙතත්, වාහනයේ සිටි නියෝජ්‍ය ඇමැතිවරයා, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරාට කළින්ම අවවාද කළ බවක් නම් වාර්තා වී නැත.