වේයන්ගොඩ, වටද්දර පිරවුම් හලේ පැට්‍රෝල් නිකුත් කරන එක් පොම්පයක් එහි භූමිතෙල් මිශ්‍රව ඇති බවට වූ සැකය මත මුද්‍රා තබා තිබෙනවා. මෙය පසුගිය රජය සමයේ තරගකාරී ලෙස ඛණිජ තෙල් වෙළදාම සදහා ගිවිසුම ගතවූ United Petroleum නමැති විදේශීය සමාගම විසින් පාලනය කරන බෙදුම් හලක්.
පසුගිය රජය සමයේ ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් තරගකාරිත්වය වැඩි කිරීමේ අරමුණින් විදේශීය සමාගම් වෙත පවරනු ලැබුවා.