පාර්ලිමේන්තු ඇවිල්ලා කයිය ගැහුවට, රටේ තත්ත්වය ඉතාම නරකයි – දයාසිරි ජයසේකර කියයි

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකයේ ගැටලුවක් නොමැති බවට සඳහන් කළ ද, රටේ පවතින සැබෑ තත්ත්වය ඉතාමත් නරක මට්ටමක පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයටත් වඩා දරුණු වාතාවරණයකට රට ගමන් කරනු ඇතැයි යන බියක් මේ වන විට පවතින බවයි.

එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම ආණ්ඩුවේ වගකීම වුව ද, වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පවතින ප්‍රායෝගික අත්දැකීම් අවම වීමත්, ඔවුන් කිසිවක් ඉගෙන ගැනීමට අකැමැති වීමත් ප්‍රධාන ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *